එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන බවත් දිනකට පීසීආර් පරීක්ෂණ 5000 ක් පවත්වන බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කීය.
අද (17) වනදා සවස පූජාපිටියේ පැවැති හාරිස්පත්තුව ආසන බල මණ්ඩල රැස්විම අමතමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා එසේ කීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා ,
මේ වන විටත් රජය සිදු කර ඇත්තේ පීසීආර් පරීක්ෂණ 132,796 යි. මෙච්චරයිද කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි කිව්ව විදිහට දිනකට 5000 ක් කළා නම් අද ලක්ෂ පහ පැනලා. අපට වඩා දුප්පත් නේපාලය පරීක්ෂණ 616, 202 ක් කරල තියෙනවා. උගන්ඩාව 2,03 513 ක් කරල තියෙනවා. අපේ ලංකාව කරල තියෙන්නේ 132,796 යි.
දැන් මේ වන විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වර්ජනයක යෙදිලා. මේ වෙනකම් කොරෝනා රැස්විම් ගැසට් එක නිකුත් කරල නෑ. ඒ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වර්ජනයක යෙදිලා. අන්න එතැනයි අද අපි ඉන්නේ. මම අහනවා කොහොමද අපි කොරෝනාව නැති කරන්නේ කියලා.
අපට සැලැස්මක් තියෙනවා.අපි බලොපොරොත්තු වෙනවා අපේ ආණ්ඩුවක් ඇති කරලා දවසකට පීසීආර් පරීක්ෂණ 5000 ක් පවත්වන්න. පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන වෙනුවෙන් මුඛ ආවරණ මිලියන 10 ක් නොමිලයේ ලබා දෙන්න.වෙන්ඩිලේටර් යන්ත්‍ර 2000 ක් ලබා දෙනවා. වෙන්ඩිලේටර් යන්ත්‍ර නොතිබුණා නම් තවත් පිරිසක් මැරෙනවා. මහා බ්‍ර්තාන්‍යයේ වැඩි පිරිසක් මැරුණේ වෙන්ඩිලේටර් යන්ත්‍ර නොතිබුණ නිසයි. පීපී ඇඳුම් කට්ටල සුලභ කරන්න ඕනම කෙනෙකුට මිලට ගන්න පුළුවන් විදිහට ලංකාවේ නිෂ්පාදනය කරන්න අපේක්ෂා කරනවා. දැඩි සත්කාර ඒකකයේ ඇඳන් වැඩි කරන්න පියවර ගන්නවා. ඒ විතරක් නෙවෙයි අපි කොරෝනා ගැන විතරක් කතා කරලා මදි. කොරෝනාවෙන් පසු ඩෙංගු එන්න පුළුවන්. ඩෙංගුවලටත් මුහුණ දෙන්න ඕන . චීනය වගේ රටවල්වල සාර්සුත් ඇවිත් තියෙනවා. ඕනම වසංගතයකට අපි ලෑස්ති වෙලා ඉන්න ඕන. එක වසංගතයෙන් පස්සේ තවත් වසංගතයක් එනවා. ඒකයි එදා විශාලා මහනුවරත් තිබුණේ. මගේ ඉල්ලීමක් අනුව සුවසැරිය ලබා දුන්නාට මෝදි අගමැතිතුමාට මම ස්තුති වන්ත වෙනවා. සුවසැරිය ගිලන් රථ සේවය ලබා දෙනවා නගරවලට සුවසැරිය දෙවන අදියර ලෙස නගරවලට වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව නගරවලට පාපැදියක් හෝ යතුරුපැදියක් යනවා. ගමේ වුවමනාව ඊට වඩා වෙනස් ඕනම ආපදා තත්ත්වයක් සඳහා භාවිතා කරන්න පුළුවන් විදිහට අපි ගේනවා ගුවන් ශල්‍යාගාරයක්. හෙලිකොප්ටරයක් උපයෝගී කර ගෙන ශල්‍යාගාරයක් හදලා ඒ ශල්‍යාගාරය ගමේ තැනකට ගෙන යනවා. එතැනට ලෙඩාව ගේනවා. මේක අලුත් දෙයක් ඉන්දියාවේවත් නෑ. යැයිද කීය.
මොහොමඩ් ආසික්
