එජාප නියෝජ්‍ය නායකකමත් මන්ත්‍රී ධුරයත් වජිරට දෙන්න
දැනට හිස්වී ඇති එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකම වජිර අබේවර්ධන මහතාට ලබාදියයුතු බවත්, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයද වජිර අබේවර්ධන මහතාටම ලබාදිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලයේ අද (09) ඒකමතිකව තීරණය කළේය.
එක්සත් ජාතික පක්ෂයට දිවයිනේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබාගෙන ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් බවත් පක්ෂය වෙනුවෙන් මහා කැපවීම් කරන වජිර අබේවර්ධන මහතා නියෝජ්‍ය නායකකමට සුදුසුම පුද්ගලයා බවත් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල නියෝජිතයෝ මෙහිදී කියා සිටියහ.
යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ එක්සත් භික්ෂු පෙරමුණේ ගාල්ල සභාපති පුජ්‍ය උඩුගම සාරානන්ද හිමිපාණන් විසිනි. එය ස්ථිර කරන ලද්දේ හිටපු පළාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ මහතාය.
යෝජනාව සියලු දෙනාගේ අනුමැතියෙන් සම්මත විය.
හිනිදුම - රවීන්ද්‍ර ශ්‍රීලාල්

popular news
-
ජනක ඇම්. Monday, 10 August 2020 12:28 AM
ඒකෙ සාධාරන කමක් තියෙනවා. ගාලු කොට්ටාසෙ විතරයි මට පේන විදියට 20% කට වඩා ප්‍රතිශතයක් UNP එක අරං තියෙන්නේ SJB එකට සාපේක්ශව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

