එක්සත් ජාතික පක්ෂයේ තිබු සියලු අර්බුද නිමාවට පවත්ව ඇති බවත් ඉදිරි මහ මැතිවරණයේදි පොදු ලකුණකින් පොදු සන්ධානයක් යටතේ තරග කිරිමට තිරණය කර ඇති බවත් එම අවසන් තිරණය හෙට (17) ගන්නා බව මාතලේ දිසා පාර්ලිමෙන්තු මන්ත්රි (එ.ජා.ප) රංජිත් අලුවිහාරේ මහතා පැවසිය.
ඒ මහතා මේ බව ප්රකාශ කළේ මාතලේ දිස්ත්රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ක්රියාකාරින් සමග අද (16) මාතලේ අලුවිහාරේ සිය කාර්යාලයේදි පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රංජිත් අලුවිහාරේ මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුව විසින් සිදු කරන ඇතැම් ක්රියාවලින් නිසා ජනතාව අපහසුතාවයට පත්ව සිටින බවත් මේ වන විට රජයේ කාර්යාලවල දේශපාලන පළිගැනිම් සිදු වන බවය. ආණ්ඩුව විසින් ජනතාව මුලාවට පත් කරමින් දේශපාලන පොරොන්දු විශාල වශයෙන් මේ දිනවලදි දෙන බවත් උපාධිධාරින්ට රැකියා ලබා දිම /රැකියා ලක්ෂයක් ලබා දිම, නිවාස ඉදි කිරිම, වතු සේවක වැටුප් වැඩි කිරිම ඇතුලු කාරණා විශාල වශයෙන් ලබා දෙන බවත් මේ සියල්ල සිදු කරගැනිමෙන් තමන්ට බහුතර බලයක් ලබා දෙන ලෙසද ඒ අතර ඉල්ලා සිටින බවද පැවසිය.
2015 වසරේ පිහිටුවාගත් යහපාලන ආණ්ඩුව මගින් සිදු කළ විශාල සංවර්ධන මෙන්ම රටේ නොයෙකුත් වැඩසටහන සහන සැලසිම් වෙනත් කිසිදු රජයකින් සිදු නොකළ බවත් ඒ සියල්ල සිල්ලර දෙස බැලිම හා ජනතාව විසින් තේරුම් නොගැනිම නිසා ජනතාවම අද පිඩාවට පත්වි ඇති බවද අලුවිහාරේ මහතා පැවසිය.
ඉදිරි මහ මැතිවරණය අනිවාර්යෙන් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානය විසින් බහුතර බලයක් ලබා ගෙන බලයට පත් වන බවත් මේ සදහා ගම්මාන මට්ටමේ සිටින පාක්ෂිකයින් මෙන්ම අනෙකුත් පිරිස් දැනුවත් කරන ලෙසද හෙතෙම ක්රියාකාරින්ගෙන් ඉල්ලා සිටියේය.
රත්තොට - රුවන් ධනංජය