දිස්ති‍්‍රක් නායකයා ලෙස එජාපය අලූත් පෙරමුණකින් ජයග්‍රහණය කරවනවිමට තමන් ක්‍රියා කරන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවිර මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් දෙපිරිසක් අතර 2013 වර්ෂයේ මාතර දි ඇතිවු ගැටුම සම්බන්ධ නඩුව (කුරුදු පොලූ නඩුව) අද (17) මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදි කැදවු අතර එහිදි මේ බව ප්‍රකාශ කළේය.
2013 වර්ෂයේ එජාප මන්ති‍්‍රවරුන් හා පාක්ෂිකයන් දෙපිරිසක් අතර මාතර නගයේදි මෙම ගැටුම ඇතිවු අතර පසුව මංගල සමරවිර සහ මෛති‍්‍ර ගුණරත්න යන අය නඩු ති‍්‍රත්වයක් මගින් උසාවිය හමුවේ පෙනි සිටිනු ලැබිය. එසේම පසුගිය වර්ෂයේ පැවති නඩු විභායේදි මංගල සමරවිර පාර්ශවයෙන් මෙම නඩු සමතයකට පත්කිරිමට කැමැත්ත පලකල අතර මෛති‍්‍ර ගුණරත්න පාර්ශවයෙන් එයට මුලින් එකගත්වය පලකොට පසුව එයට විරුද්ධත්වය පලකර තිබේ. එයට හේතුව ලෙසින් ඔවුන් අධිකරණය හමුවේ පෙන්වා දි තිබුණේ නඩු සියල්ල සමතයකට පත්කිරිමට එකඟත්වය පලකරන බවත් පොලීසිය ඒකපාර්ශිකව මංගල සමරවිර මහතා සිටින නඩු පමණක් සමතයකට පත් කිරිමට කටයුතු කිරිම අසාධාරණ බවත් මේ නිසා තම පාර්ශවය සමතයකට පත්කිරිමට විරුද්ධ බවත් නිතිඥයන් මගින් අධිකරණය වෙත දන්වා තිබුණි.
එසේම නඩු විභාගය අවසානයේ ඉන් පිටතට පැමිණි හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා මෙසේ පැවසිය,
‘‘ ඇත්ත වශයෙන්ම 2013 වර්ෂයේ සිට වසර 7 ක් තිස්සේ දේශපාලන කරුණු මත පොලිසිය එදා ඉදිරිපත් කල මෙම නඩුව ඇදි ඇදි ඇවිත් තියෙනවා . අවුරුදු හතරහාමාරක් අපේ ආණ්ඩුවක් තිබිලත් අපි තවමත් උසාවි එනවා කියන්නේ එදා උසාවියට අපි ඇගිලි නොගැහුවා කියන එක මෙකෙන් පේනවා . ඒ වගේම ඉදිරි මහා මැතිවරණයට මම තරග කරනවා . දිස්ති‍්‍රක් නායකයා හැටියට මේ වතාවේ මාතර දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම අලූත් පෙරමුණකින් ජයග්‍රහණය කරා ගෙනියනවා ’’ යැයි පැවසිය .