ප්රජාතත්ත්රවාදි විරෝධි ලෙස පාර්ලිමෙන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිවරයා ගත් තිරණයට විරෝධය පල කරමින් දකුණු පළාත් සභාවේ විපක්ෂනායක තෙන්නකොන් නිලමේ ඇතුළු එජාප මන්ත්‍රී කණ්ඩායම අද පෙරවරුවේ පළාත් සභාව ඉදිරිපිටදි විරෝධතාවයක නිරත වුහ.
කළුපටි පැලද පැමිණි විපක්ෂනායකවරයා ඇතුළු එජාප මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට දැඩි විරෝධය පලකරමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වුහ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට හිස නමනු, ප්රජාතන්ත්රවාදය යලි තහවුරු කරනු, ජනපති වියරුව පරදවමු, ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙල ගැසෙමු ආදි සටන් පාඨ කියමින් එජාප මන්ත්‍රීවරු විරෝධතාවයේ නිරත වුහ.
ජිනේෂ් නානායක්කාර