ඉදිරි මහමැතිවරණයේදී මැතිවරණ ජයග්‍රහණය සඳහා නව නායකත්වයක් සමග මුළු රටේම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ එකම බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස මහතා බවත්, එසේ නොවුවහොත් සිදුවන්නේ නැවත වරක් විපක්ෂයට වී කාලය ගත කිරීමට බවත් කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ, කුරුණෑගල පිහිටි අබේසිංහ මහතාගේ නිවසේ අද (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
නායකත්වයේ වෙනසක්ද සමග එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්රතිසංවිධානයක් බලාපොරොත්තු වන බවද, බොහෝ කලක සිට බලාපොරොත්තු වූ එම වෙනස සිදුවවුහොත් පමණක් ඉදිරි මහමැතිවරණය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ හැකි බවද අබේසිංහ මහතා පවසා සිටියේය.
ගීතාංජලී ප්‍රියදර්ශනී