ලංකා බැංකුව, මහජන බැංකුව හා ආයේජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය පිළිබඳව සාකච්ඡා කිරිමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත පිරිසක් අද දිනයේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිත බව එම පක්ෂය නිවේදනය කරයි.
ලංකා බැංකුව හා මහජන බැංකු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාටත්, ලංකා ආයෝජන මණ්ඩලය මලික් සමරවික්‍රම මහතාටත් අයත්ව තිබූ ආයතන වෙයි.
යහපාලන රජයේ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් දෙදෙනෙක්ට අයත්ව තිබූ ආයතන තුනක ඔවුන් විසින් පත්කරන ලද අධ්යක්ෂ මණ්ඩල ඉවත් කිරිමට ගත් තීරණය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව එම පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.