එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම එකඟතාවකින් තොරව අවසන්ව තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එහි බහුතරය අලියා ලකුණින් තරග කළ යුතු බවට සඳහන් කර තිබේ.
එම ලකුණින් තරග කරන්නේ නම් ගොඩනගන සන්ධානයේ මහ ලේකම් ධුරය රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාට ලබාදිය යුතු බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පවසා තිබේ.
මේ අතර කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ අදහස් දැක්වූ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ සමගි ජන මෙහයුම අද දිනයේදී ඊළඟ අවශ්‍ය පියවර ගන්නා බවයි.
මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වූ දිනය එක්සත් ජාතික පක්ෂයට කනගාටුදායක දිනයක් බවයි.
මෙහිදී ජොන් අමතුංග මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කළ යුතු බවත් මහ ලේකම්වරයා ලෙස අකිල විරාජ්කාරියවසම් මහතා කටයුතු කළ යුතු බවටත් යෝජනා කළ බවද හර්ෂද සිල්වා මහතා පවසයි.