ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී වැඩපිළිවෙළට සහය පළ කරමින් එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී විශේෂඥ නියෝජිත පිරිසක් නුදුරේදී ම මෙරටට එවීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා තීරණය කර ඇතැයි එම සංවිධානයේ ශිෂ්ටාචාරයන්ගේ සන්ධානය සඳහා වූ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් මියුයෙග් මොරාෂන්ස් මහතා පවසයි.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස මෙරට සංචාරයක නිරත වෙයි. ඔහු හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැති හමුවකදී නියෝජ්‍ය මහ ලේකම්වරයා මේ බව සඳහන් කර තිබේ.
මෙහිදි අදහස් දක්වා ඇති ජනපතිවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවූ ත්‍රස්ත අභියෝගය සාර්ථකව ජය ගැනීමට ශ්‍රී ලාංකීය ආරක්ෂක අංශවලට ශක්තිය තිබෙන බවත් එහිදී ලැබෙන විදේශීය විශේෂඥ සහය ද වැදගත් බවයි.
එමෙන්ම ත්‍රස්ත මර්දන වැඩපිළිවෙළ සඳහා විදේශීය හමුදාවන් මෙරටට ගෙන්වීමට කිසිසේත් අපේක්ෂා නොකරන බවද ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.