මෑතදී කොවිඩ්-19 වෛරසය ආශ්රිත රෝගීන් වැඩිවීමත් සමග ගිනිකොනදිග එංගලන්තය තුළ කොවිඩ්-19 හි නව ප්‍රභේදයක් අනාවරණය වී ඇති බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසයි.
"අපි කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. එය එංගලන්තයේ ගිනිකොන දෙස සිදුවූ වේගවත් ව්‍යාප්ත වීම සමග සම්බන්ධ විය හැකියි" හැන්කොක් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
පසුගිය සතිය තුළ එංගලන්තයේ වෛරසය විකෘතිවීමේ ආසදන සිද්ධීන් දහසකට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර, ඒවා බොහෝදුරට රටේ අලුතින් අගුලු දමා ඇති කලාපයේය.
නව වෛරස ප්‍රභේදය පිළිබඳ මුල් විශ්ලේෂණයන්, දැනටමත් දන්නා වෛරසයට වඩා වේගයෙන් වර්ධනය වන බව හැන්කොක් හෙළි කළ අතර, එන්නත්වල ඵලදායීතාවයට එය බාධාවක් විය හැකි බවට ඇති බිය දුරු කිරීමට ඔහු උනන්දු විය.
"මේ නව ප්‍රභේදය බරපතල රෝග ඇතිවීමට වැඩි ඉඩක් ඇති බවට යෝජනා කිරීමට දැනට කිසිදු සාක්ෂියක් නොමැති බව මම මේ අවස්ථාවේදී අවධාරණය කළ යුතුයි. නවතම සායනික උපදෙස් අනුව නම් මේ නව විකෘතිය එන්නතකට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වනු ඇතැයි සිතිය නොහැකියි." ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ තමන් නව ප්‍රභේදය පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවත්, කලින් නිරීක්ෂණය කරන ලද වෛරසය ප්‍රභේදයට වඩා වෙනස් ආකාරයකින් හැසිරුණු බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත්ය.