එංගලන්තයේ සියලුම පාසල් සිකුරාදා සිට නැවත දැනුම් දෙන තෙක් වසා තැබීමට තීරණය කර තිබේ.
ප්‍රධාන සේවකයින්ගේ හා අවදානමට ලක්විය හැකි දරුවන් රැකබලා ගැනීමේ ස්ථාන හැර පාසල් වසා දමන බව අගමැති බොරිස් ජොන්සන් පවසයි.
කොවිඩ් 19 හේතුවෙන් බ්‍රිතාන්‍ය තුළ 33 දෙනෙකු මිය යාමෙන් පසු මරණ 104 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එක්සත් රාජධානියේ තහවුරු කරන ලද රෝගීන්ගේ සංඛ්‍යාව අඟහරුවාදා 1,950 සිට බදාදා 2,626 දක්වා ඉහළ ගියේය. කොවිඩ් -19 සඳහා එක්සත් රාජධානියේ පරීක්ෂණ 56,221 ක් සිදු කර ඇති අතර ඉන් 53,595 ක් සෘණාත්මක බව තහවුරු වී තිබේ.
රජය පවසන්නේ එංගලන්තයේ දිනකට සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව දෙගුණයකට වඩා එනම් 25,000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බවයි.