මහා බ්‍රිතාන්‍ය තුළ එක්දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් රෝගීන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව පෙරේදා වාර්තාවීමත් සමග එරට සෞඛ්‍ය අංශ කොරෝනා වසංගතයෙන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටියි.
පසුගිය අඟහරුවාදා නව කොරෝනා රෝගීන් 60 916ක් හමුවූ අතර බදාදා දිනයේදී එය 62322ක් දක්වා ඉහළ ගොස් තිබේ.
බ්‍රිතාන්‍ය තුළින් මෑතකදී සොයා ගත් සීඝ්රයෙන් පැතිර යන නව කොරෝනා ප්‍ර භේදය ව්‍යාප්තියත් සමග මෙසේ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබේ.
බදාදා දිනයේදී දසවන දිනයටත් එක් දිනයකදී මියගිය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවමින් එදින මරණ 1041ක් වාර්තා විය.
මේ වන විට කොවිඩ් හේතුවෙන් මහා බ්‍රිතාන්‍ය තුළ මියගොස් ඇති සංඛ්‍යාව 77346ක් දක්වා වර්ධනය වී තිබේ.
එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සොයාගත් නව එන්නතද සමගින් මේ වන විට එරට ප්‍රධාන එන්නත් දෙකක් මිලියන 1.3කට ලබාචදී තිබේ.
එම එන්නත් ලබන පෙබරවාරිය වන විට පුද්ගලයන් මිලියන 30කට ලබාදීමට දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද එංගලන්ත අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවැසීය.
මහා බ්‍රිතාන්‍ය තුළ වාසය කරන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයකට කොවිඩ් ආසාදනය වී ඇති අතර එයින් බහුතරයක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. කොරෝනා දෙවැනි රැල්ලේදී එංගන්තයෙන් වාර්තා වූ පළම ශ්‍රී ලාංකික මරණය පසුගියදා ලන්ඩනයෙන් වාර්තා විය. තිදරු මවක් මෙසේ ජීවිතක්ෂයට පත්විය.
ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට