ගිනිගත් එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් මෙරටට සිදුවූ හානිය ගණනය කිරීමට මාස තුනකට වැඩි කාලයක් ගත වනු ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කර සිටියි.
ඒ සදහා පත් කළ විශේෂඥ කමිටුවට හානිය ගණනය කිරීම සදහා මාස තුනක කාලයක් ලබාදී තිබෙන බවත් කෙසේ නමුත් එම කාලය ප්‍රමාණවත් නොවනු ඇති බව මුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර සඳහන් කර සිටියේය.