එක්සත් ජාතික පක්ෂයත් පිරිහුනේ සජිත් ප්‍රේමදාසගේ නිදන් වස්තු සෙවීම නිසා. එහෙව් අය තමයි අද අගමැති සිහින දකින්නේ . ඔබ දන්නවා ඕනෑම ආණ්ඩුවක මේ සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ මන්ද බුද්දික චරිත ඉන්නවා . මේ මන්ද බුද්දිකයෝ කරන දේවල් වලට රජය වගකියන්න ඕන නෑ යැයි හිටපු අමාත්‍ය කුරුණෑගල ආසනයේ පොදුජන පෙරමුණ අපේක්ෂක ජයරත්න හේරත් පැවසීය.
අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ පසුගියදා මාවතගම වැවගෙදර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජයරත්න හේරත් මහතා කියා සිටියේ, තමුන්නාන්සේලා හැමෝටම වගකීමක් තියනවා . ඒ තමයි පාර්ලිමේන්තුවට ශීලාචාර මන්ත්‍රීවරුන් පත්කිරීම . පසුගිය යහපාලන ආණ්ඩුව අපෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උදුරගත්තා . ඒ ඇතිවුන දේශපාල සුළිසුලඟේ කුනාටුව සමග අපට අලුත් පක්ෂයක් එක්ක අපේ දේශපාලන ගමන ආරම්භ කරන්න වුනා . අපට තියන අභියෝගය තමයි ජනධිපතිතුමාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදලා දෙන එක . එතුමාගේ පස් අවුරුදු ධූර කාලය වෙනුවෙන් අගෝස්තු 5 වෙනිදා මේ මැතිවරණයේදී කුරුනෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඔබගේ දේශපාලන වගකීම සනිටුහන් කරන්න . ඒ වගේම මේ මාවතගම ප්‍රදේශය අද විශාල වශයෙන් සංවර්ධනය වෙලා තියනවා . ඔබගේ ගම් ප්‍රදේශය අද පවතින විදියට සංවර්ධනය කරන්න දිවංගත ඩී . පී . වික්‍රමසිංහ හිටපු අමාත්‍යතුමා අතිමහත් සේවයක් කළා. අපි එතුමාව ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරණවා.