ආයතන, කර්මාන්ත ශාලා හෝ කාර්යාලවල සේවය කරන පිරිස් එකට එකතු වී ආහාර පාන නොගන්නා ලෙස පොලිස් මුලස්ථානය සියලුම සේවක සේවිකාවන්ගෙන් ඉල්ලා සිටියි.
ආහාරපාන ගැනිමේදි මුහුණු ආවරණ ඉවත් කිරිමට සිදුවන නිසා විශාල පිරිසක් එකට එකතු විම හරහා කොවිඩ් 19 රෝගය පැතිර යා හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය
ආයතන, කර්මාන්ත ශාලා හෝ කාර්යාලවල සේවය කරන පිරිස් ආදාළ පරිශ්‍ර තුලදිත් මුහුණු ආවරණ පැළදිම, දුරස්ථභාවය තබා ගැනිම අනිවාරයෙන්ම සිදුකළයුතු බවද පවසා සිටියේය
මිට අමතරව අදාළ පරිශ්‍ර තුල සිටින පිරිස්වල ශරිර උෂ්ණත්වය වරින් වර පරික්ෂා කිරිමට හා දැත් සේදිමට අවශ්‍ය පහසුකම ලබා දිමට ආයතන ප්‍රධානින් විසින් සිදුකළ යුතු බවද සදහන් කළේය.