වරාය සේවකයකුට කොරෝනා රෝගය ආසාදනය වීමත් සමග ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කරනු ලැබූ PCR පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ එම පවුලේ තවත් සාමාජිකයන් 07 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවයි.
දොම්පේ ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ පැපිළිවල, ගනීහිගම ප්‍රදේශයේ එකම පවුලේ 07 දෙනකුට මෙලෙස කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පි. එස්. බණ්ඩාරනායක මහතා පවසයි.
උක්ත පවුලේ පිරිසට කොරෝනා ආසාදිත බව අනාවරණය වීමත් සමග එම පවුලේ සමීපතම පවුල් 10 ක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව පි. එස්. බණ්ඩාරනායක මහතා පැවසීය.