එක රටක නීති රැසක් ඝාතකයා නිදැල්ලේ
එක රටක නීති රැසක් ඇති බවත් ඝාතකයා නිදැල්ලේ බවත් භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි. සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කරයි.
ඝාතකයා නිදැල්ලේය. යුක්තිය නැති රටකට හිරු පායන්නේ නැත!
‘නිදොස් කොට නිදහස් කිරීම‘ ආගමක් ද, ව්‍යවහාරය ද බවට පත් කොට ගත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර සොදුරු මිනිසාගේ ඝාතකයා විශේෂ ජනාධිපති සමාවකින් නිදහස් කර ඇත.
අභියාචනාධිකරණයේ විනිසුරන් තිදෙනෙකු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් පස් දෙනෙකු ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක නොවන රටක් බිහිවී තිබේ.
සතා සිව්පාවාගේ සිට ලක්දන සැමට සෙත සැදූ උතුම් පොහෝ දිනයක දී, හෘද සාක්ෂියක් ඇති සෑම මිනිසෙකුම වැරදිකරු යැයි හොදින්ම දන්නා ඝාතකයා නිදහස් කර ඇත. ‘එක රටක නීති රැසක් ඇති බව‘ ක්‍රියාවෙන්ම ඔප්පු කරමින් ඝාතකයා නිදහස් කර ඇත.
රටක් ආදරය කළ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නම් සොදුරු මිනිසා ද, තවත් සිංහල දමිත, දෙමළ කුමර් මුස්ලිම් හශිම් තිදෙනගේ ද සිරැරු පසාරු කර වෙඩි තැබූ ඝාතකයා නිදහස ලබා ඇත.
ඝාතකයා නිදහස් කර, යුක්තිය සිරගත කොට ඇත. යුක්තිය නැති රටකට හිරු පායන්නේ නැත.
නීතියක් තිබූ රටක අපරාධයකට දඩුවම් ලැබිණි.
නීතියක් නැති රටක, දඩුවමට යුක්තිය ඉටුනොවී අපරාධකරුවන් නිදහස් ව ඇත!
සුමනා ප්‍රේමචන්ද්‍ර
popular news
-
Kumar Friday, 25 June 2021 07:04 AM
This president pardoned a man who slit the throat of a 5 yr old kid. So what did you people expect from the same president. At that moment I made my protest a human. Count me in as well.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

