Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
නඩු ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කළ යුතු බවත් එක රටක් තුළ ක්‍රියාත්මක විය හැක්කේ එක් නීතියක් පමණක් බවත් හිටපු ආරක්ෂක ලේකම්, ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති නීතිඥ හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. ඊයේ (31දා) මෙම හමුව පැවැත්වමිනි.
“නඩුකර හැකි ඉක්මනින් අවසන් කිරීමට සෑම ප්රයත්නයක්ම ගත යුතුයි. නඩුකරයන් අවම වියදමින් අවසන් කරගත හැකි පරිසරයක් ගොඩ නැගිය යුතුය. නීති පද්ධතිය දූෂණයෙන් තොර විය යුතුය.
නීතිය කඩිනමින් පසිඳලන්නට දැනට ඇති අධිකරණ හා විනිසුරුවන් ප්‍රමාණවත්ද යන්න අපට විමසා බලන්නට සිදු වෙනවා. නීතියේ ප්‍රමාදයන් වැළක්වීමට කෙටිකාලීන මෙන්ම දීර්ඝ කාලීන විසඳුම් සොයන්නට අපට සිදු වෙනවා. ඒ අතර යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, දේශීය හා විදේශීය පුහුණුව මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමට සහය වන ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීමද ඇතුළත් වෙනවා.
අපේ රටේ සංවර්ධනයේ ඉදිරි පිම්මක් සඳහා තාක්ෂනය බහුලව භාවිතා කිරීමට අප අදහස් කරනා නිසා සිංගප්පුරුව වැනි රටවල ක්‍රියාත්මක වන ඩිජිටල් තාක්ෂණය සහිත අධිකරණත් අපට ක්‍රම ක්‍රමයෙන් හඳුන්වාදෙන්න පුළුවන්.
අපට ජාතික ආරක්ෂාව හා ආර්ථික සංවර්ධනය ඉතා වැදගත් වෙනවා. ජාතික ආරක්ෂාව ගැන කතා කරනා විටත් නීතියේ ආධිපත්‍යය ඉතා වැදගත් වෙනවා. එක රටක් තුළ ක්‍රියාත්මක විය හැක්කේ එක නීතියක් පමණයි.
නීතිය හැමට සමානව ක්‍රියාත්මක විය යුතුයි. පුරවැසියා හැමවිටම නීතිගරුක විය යුතුයි, නමුත් පුරවැසියා නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට හා පුද්ගලයන්ට බය නම් එහි ගැටලුවක් තිබෙනවා. නීතියේ ආධිපත්‍ය ගැන කතා කරණා විට අපි මතක තබා ගත යුතුයි නීතිය ක්‍රියාත්මක කරණ ආයතන හා පුද්ගලයනුත් නීතියට යටයි කියනා බව.
නීතිය සැමට සමානය යන උත්තරීතර සංකල්පය අභියෝගයට ලක් කරමින් රජයේ ඉහල නිලධාරීන් නීතිය නමන හැටි කියනවා පසුගිය කාලයේ ජනතාව මාධ්‍ය වලින් දුටුවා.
කාලීන ජාතික අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ව්‍යවස්ථා සංශෝධනය, යල්පැනගිය නීති රීති යාවත්කාලීන කිරීම, මැතිවරණ නීතිවල වෙනස්කම් වැනි නීති ප්‍රජාවේ සහාය අවශ්‍ය කරන වැඩකටයුතු රාශියක් අප ඉදිරියේ තිබෙනවා. ඒ සඳහා ඉදිරියේදී නීති විශාරදයන්ගෙන් මෙන්ම ඒ ඒ ක්ෂේත්රයන්ට අදාළ විද්වතුන්ගේ සහාය ලබාගන්නට අපි කටයුතු කරනවා.”
popular news
Deepal Nirosh Sunday, 01 September 2019 01:45 PM
එක රටක් තුළ තිබිය යුත්තේ එක නීතියක් බව හැබෑව. පළමුවෙන් මේ දේශය එක රටක් බවට පත් කරල දෙන්න. මුළු රටට එක නීතියක් පමණක් ස්ථාපිත කළ හැක්කේ එවිටයි. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂක ඔබ සැම ඉදිරියේ ඇති අභියෝගය එයයි.
Reply : 1 4
ලංකාපුත්‍ර Monday, 02 September 2019 07:00 PM
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන එකම රටක් වුවත් 1987 දී පළාත්සභා ඇතිකිරීමෙන් පසුව නීති 9 ක් ඇති රටක් නිර්මානයවෙලා තියෙනවා පළමුව මේරට පළාත්සභා අහෝසිකර එක්සේසත් කරන්න.ඉන් පස්සේ ජාතීන් අතර තිබෙන නීති වෙනස්කර එකම රටට එකම නීතියක් ගේන්න එසේ කරනවානම් විශේසයෙන් පළාත්සභා අහෝසි කරනවානම් අපේ සහායත් ලබාදෙනවා.
Reply : 1 4
සරත් Sunday, 01 September 2019 05:58 PM
නඩු විභාගය කල් දැමීමට හොඳම නිදසුන... ගෝටා!
Reply : 3 10
Chathuri Monday, 02 September 2019 12:49 AM
ඒක තමයි අපිටත් පුදුම , සියලුම දුෂිත ,හොරු හිරේ යනවා. රාජපක්ෂවරු නිදැල්ලේ , ජනාදිපති වෙන්නත් ඉල්ලනවා. දත්. සැට් එක පිටු පසින් ඇවිත් හිනහ වෙනවද . කියල බලන්න නාමල් බේබිට කියලා
Reply : 4 9
modaya Monday, 02 September 2019 02:04 PM
විහිලුව ටද කියන්නේ
Reply : 0 6
Champa Monday, 02 September 2019 08:56 PM
මේක කියන්න තිබ්බේ "කාලීන දෙමල සහ මුස්ලිම් ජාතික අවශ්‍යතා වලට ගැලපෙන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනායුතු" කියල. ව්‍යවස්ථා සංශෝධනයක් කොහෙත්ම අවශ්‍ය නැහැ. ද්‍රවිඩ ජාතික සන්ධානය, මුස්ලිම් පක්ෂ, සිංහල දේශපාලකයන් සහ ඔවුන්ගේ ගැත්තන් හැරුණු කොට මේ රටේ කිසි සිංහලයෙක් ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලෙන්නේ නැහැ. කලින් දැක පළපුරුද්ද අනුව මුළු රටම දන්නවා ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා නම් ගේන්න හදන්නේ එක්කෝ තමන්ගේ බලය තහවුරු කරගන්න නැත්නම් දෙමල සහ මුස්ලිම් චන්ද ගන්න කියල. මේක තමයි අවුරුදු 71ක් තිස්සේ සිංහලයන් දැකපු, 2015 වෙනකම් විරුද්ධ නොවුණු කේවල් දේශපාලනේ. දැන් ඉන්නේ ඒ කාලේ හිටපු බත් පැකට්ටුවට, අරක්කු බෝතලේට, සාරි සරම් කුඩ වලට, රැකියා වලට, ව්‍යාපාර ණය වලට, සමෘද්ධියට, කොඩි ගස් වලට, සිල් රෙදි වලට චන්දෙ දීපු මිනිස්සු නෙමෙයි. 2015 පෙබරවාරි පටන්, ඉතිහාසයේ කිසි දවසක නැති තරම් ජනතාව ඉන්නේ අවදියෙන්. එහෙම අවදි කලේ විමල් වීරවංශ. අද විමල් ඒ මිනිස්සුන්ව දාල ගිහින්. හැබැයි එදා එකතු වුනු ජනතාව අදටත් ඒ විදිහටම, ඒ ආවේගයෙන්ම ඉන්නවා. ඒ හින්ද ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරන ඕනෑම අපේක්ෂකයෙක් සිංහලයන් එකහෙලා ප්‍රතික්ෂේප කල යුතුයි.
Reply : 0 0
mandaram Sunday, 08 September 2019 10:05 AM
සහතික ඇත්ත අර අගවිනිසුරුවරිය ඉවත් කලේ එක නීතියක් රටේ තියෙන්න ඕන නිසා
Reply : 0 0
ase Monday, 09 September 2019 10:56 AM
අපට උවමනා සංසෝදන නොවේ . බල කේන්ද්‍ර වටා එක්ව කඩේ යමින් නිතිය ඒ ඇයො ට උවමනා පරිදි නවමින් කඩමින් බලය යෙදවීමට ඇහැකි වියවස්තාවන් නොවේ , නැවත ප්‍රජාව කේන්ද්‍ර කරගනිමින් සැදිය යුතු වියවස්තාවක් . මේ නීති කිසිවක් ගණන් නොගෙන බලය ගෙන ගිය මෙයාද එක නීතියක් ගෙන්න යන්නේ, මේ බොරු කියමන් ප්‍රජාවට කරන විශාල අවනම්බුවක් , අපි මැරිලා ඉපදුනේ නැහැ මහත්තයෝ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd