ඌව පළාත් සභාව මගින් පාලනය වන රෝහල් 13කට නව රුපියල් මිලියන 128 ක් වටිනා ගිලන්රථ ලබාදීම ඌව පළාත් සෞඛ්‍ය ඇමති අනුර විදානගමේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී ( 24) දා සිදුවිය .
ඉගිනියාගල, බුත්තල, වැල්ලවාය, ඔක්කම්පිටිය. සෙවනගල මීගහකිවුල ,දඹාන , ගලඋඩ, බොලන්ද , පස්සර, බණ්ඩාරවෙල , දියතලාව , හල්දුම්මුල්ල යන රෝහල් වලට මෙසේ ගිලන් රථ භාරදෙන ලදී.
ඔස්ට්‍රියාන් ආධාරයක් ලෙස මෙම ගිලන් රථ ලැබුණ බව ඌව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි .