ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකාවට කොවිඩ් ආසාදනය වී ඇතැයි බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
උණ ගතියක් මතුවී අද (18) දා ප්‍රතිකාර සදහා බදුල්ල මහරෝහලට ගිය අවස්ථාවේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේශ පරික්ෂණයේදී මෙම අධ්‍යක්ෂිකාවට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ .
ආශ්‍රිතයන් සේ සලකා පවුලේ සාමාජිකාවක් සහ ඌව පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලයේ සේවකයන් දෙදෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ .
ඔවුන් පී.සී.ආර්. පරික්ෂණයට යොමු කිරීමට නියමිතය .
පාලිත ආරියවංශ