පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීම ලබන මස අවසානයේ සිදු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කර සිටියි.
උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා ඇතුළත්වීම සඳහා අයදුම්පත් යොමු කිරීමට දුන් කාලය මේ වනවිට අවසන්ව ඇති බව එහි උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කර සිටියේය.
මෙවර අයැදුම්පත් එක් ලක්ෂ දස දහසක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලැබී ඇති බව උප සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.