කර්මාන්ත පරිශ්රයේ උර්දු භාෂාවෙන් ලියා අලවා තිබූ පෝස්ටර් වල තිබුණ දේ පිළිබඳව පාකිස්තානයේදී කෘර ලෙස ඝාතනයට ලක්වූ ප්රියන්ත දියවඩන මහතා දැනගෙන නොසිටි බව ඔහුව බේරා ගැනීමට උත්සාහ කළ මලික් අද්නාන් පවසයි.
ඩේලි මිරර් වෙත අදහස් ප්රකාශ කරමින් මලික් සඳහන් කර ඇත්තේ අදාළ පෝස්ටර් ගලවා දැමීමෙන් පසුව ප්රියන්ත මහතා සුපුරුදු පරිදි තම කාර්යාලයට ගොස් සිය කාර්යයන් ආරම්භ කළ බවයි.
කෙසේ වෙතත් සේවකයන් පිරිසක් පෝස්ටර් ගැලවිමට විරෝධය දැක්වූ බවත් පසුව එය ප්රචණ්ඩ වූ බවත් මලික් අද්නාන් පවසයි.
තමන් හැකි උපරිමයෙන් ප්රියන්ත දියවඩන මහතා බේරා ගැනීමට උත්සාහ කළ බවත් ප්රචන්ඩකරුවන් බේරීම සඳහා වහලය මතට නගින ලෙස සඳහන් කළ බවත් අද්නාන් මහතා පැවැසීය.
කෙසේ වෙතත් වහලය මතට නැගී ප්රචණ්ඩකරුවන් ප්රියන්තට පහරදුන් බවත් මලික් පැවැසීය.
මෙම සිදුවීම හේතුවෙන් ශ්රී ලංකාව හා පාකිස්තානය අතර පවතින සබඳතාවට ගැටුලවක් ඇති නොවීමට වගබලා ගත යුතු බවද මලික් සඳහන් කරයි.
ප්රියන්ත දියවඩන මහතා බේරා ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් මලික් අද්නාන් මහතා පාකිස්තානයේ දෙවැනි ඉහළම සිවිල් සම්මානය සඳහාද නිර්දේශවිය.