උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් අගතියට පත් ජනතාවට සහන ඉල්ලා උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ විසින් ඌව පළාත්බද මහාධිකරණයේ පවරන ලද නඩුවේ තීන්දුව මෙම මස 30 වැනි දින ප්‍රකාශයට පත්කිරීමට මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා තීරණය කළ බව උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් බදුල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ උමාඔය ව්‍යාපෘතියෙන් ජනතාවට විශාල හානියක් වූ බව අධිකරණය පවා පිළිගන්නා තත්වයක් ඇති අතර ඉන් සිදුවූ දැවැන්ත හානි පිළිබඳව වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥවරියගේ ඉදිරිපත් කිරීම්ව ලින්ද පැහැදිළි වන බවයි.
එසේම පසුගිය අවුරුදු කීපය තුළ උමාඔය ව්‍යාපෘතියෙන් හානියට පත් ජනතාවට ඒ වෙනුවෙන් ලැබුණු වන්දි හා වෙනත් සහන පිළිබඳව ඇති සංඛ්‍යාත්මක දත්තයන් සළකා බැලීමේදී තම සංවිධානයේ මැදිහත් වීම එම සියළු සහන සඳහා මූලිකව බලපා ඇති බව පැහැදිළි වන බවද විද්‍යාරත්න මහතා සඳහන් කළේය.