උසස්පෙළ විභාගයට හා ශිෂ්‍යත්ව විභාගයට දින නියම කළද එම විශය නිර්දේශ ආවරණය කර ඇත්ද යන්න ප්‍රශ්න කරන බවත් එසේ නොමැති නම් ඒ සඳහා තිබෙන වැඩපිළිවෙල කුමක්ද යන්න පිළිබද ආණ්ඩුව පැහැදිලි කිරීමක් කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ ඊයේ(20දා) ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ඔකතෝම්බර් මාසය අවසන් වන විට උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට අදාග විෂය නිර්දේශ ආවරණය කිරීමට කටයුතු කරන බවත් එන්නත් කරණය සම්පූර්ණයෙන් සාර්ථක කර අධ්‍යාපනය යතාවත් කිරීමට කටයුතු කරන බවත් ඊට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.
“2021 වර්ෂය සදහා ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 03 වැනි දිනත් උසස්පෙල විභාගය ඔක්තෝම්බර් 04 සිට 30 වැනිදා දක්වා පැවත්වීමට රජය තීරණය කරලා තිබෙනවා. ඊයේ දිනයේදී මේ දින සංශෝදනය වෙලා තිබෙනවා උසස්පෙ විභාගය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 10 දක්වාත් ශිෂ්‍යක්ව විභාගය නොවැම්බර් 14 වැනිදාත් පැවැත්වීමට කල් දමා තිබෙනවා.
විශේෂයෙන්ම මේ වන විට විෂය නිර්දේශය ආවරණය නොකිරීම ඇතුලු, මාර්ගගත අධ්‍යාපනයේ ගැටලු ඇතුලු ගැටලු රැසක් විභාගය පැවැත්වීම සම්බන්දයෙන් ඇති වී තිබෙනවා. ඒ අනුව කෝවිඩ් තත්වයත් සමග සියලු පාසල් වල උසස් පෙල විශය නිර්දේශය ආවරණය කර තිබේද? නැතහොත් ඉදිරි මාස දෙක තුල එය ආවරණය කිරීමට හැකියාව තිබේද?
ඒ වගේම ප්‍රායෝගික පුහුණුව ලබා නොදී ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන්නේ කෙසේද? උසස්පෙල සිසුන්ට ලැබුනු අධ්‍යාපනය ප්‍රමාණවත් බව රජය උපකල්පනය කරන්නේද? විශය නිර්දේශ සම්පූර්ණයෙන්ම ආවරණය කරයින් පසුව නේද විභාග පැවැත්විය යුත්තේ. ඒ වගේම පාසල් නැවත විවෘත කරන්නේ කවදාද? උපකාරක පන්ති විවෘත කරන්න අවසර දෙන්නේ කවදා සිටද?”
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් - සියලු පාසල් වල විශය නිර්දේශ මුලුමනින්ම ආවරනය වී නොමැති වුවත් පාසල් වල අධ්‍යාපන හා අනද්‍යන කාර්ය මණ්ඩල සදහා දෙවන එන්නත ලබා දී සති දෙකකට පසු පාසල් අධියරයන් අනුව ආරම්භ කරන්න අපේක්ෂා කරනවා.
මෙම අදියරයන්ගේ උසස්පෙල විභාගයට පෙනී සිටින සිසුන්ට සහ ශිෂ්‍යත්වයට පෙනී සිටින සිසුන්ගේ පන්ති වලට ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරනවා. ඒ අනුව ඔක්තෝම්බර් අවසන් වන විට විෂය නිර්දේශ ආවරණය කරන්න අපේක්ෂා කරනවා. ඒ අනුව මේ එන්නත් කරනය සම්පූර්ණයෙන් සාර්ථක කරලා අධ්‍යාපනයත් යතාවත් කරන්න කටයුතු කරනවා.