උපරිමාධිකරණ සංකීර්ණයේ ඇතිවූ ගින්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
පොලිස් අධිකාරීවරයෙක් යටතේ මෙම පරීක්ෂණ සිදුකරන බවත් ඒ පිළිබඳව මේ වන විටත් ප්‍රකාශ 57ක් ලබාගෙන ඇති බවත් ඔහු පැවැසීය.
ගින්න සම්බන්ධයෙන් විශේශඥ මතයක් ලබාගැනීමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ස්ථානීය පරීක්ෂණයක් කළ බවත් ලබන සඳුදායින් ආරම්භවන සතියේදී එම වාර්තාව ලැබීමට නියමිත බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
පරීක්ෂණ සඳහා අධිකරණ සංකීර්ණයේ සී.සී.ටී.වී. දත්ත පද්ධතිය උපයෝගී කර ගන්නා බවත් ගින්න හේතුවෙන් කිසිම ආකරයකට දේපළකට හා ලේඛණයකට හානි සිදුවී නොමැති බවත් ගින්න ඇතිව තිබෙන්නේ අබලි ද්‍රව්‍ය ගබඩාවක බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.