උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් පරාජය කිරීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍ය රණතුංග මහතා පවසයි.
මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ආරම්භ කළ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා අද (13) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වර්තමාන මගීන් හැසිරවීමේ ධාරිතාව වසරකට මගින් මිලියන 06 ක් වන අතර අලුතින් ඉදිවන දෙවන මගී පර්යන්තය මගින් වාර්ෂිකව හසුරුවන මගින් සංඛ්‍යාව මිලියන 15ක් දක්වා වැඩි කිරීම නව ව්‍යාපෘතියේ අරමුණයි.
ගුවන්තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් රජයෙන් යෙන් මිලියන 74313 ක ණය මුදලක් ලබාදී ඇති අතර එහි පළමු අදියර සඳහා රජය වැය කරන මුදල රුපියල් බිලියන 108කි.
විවිධ කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ගැටලුවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා -
ආන්ඩුවේ කිසිම අර්බුදයක් නැහැ. ආන්ඩුවේ අර්බුදයක් තියෙනවා කියලා මවාපාන්න ඇතැම් පිරිස් උත්සාහ කරාට එවැනි කිසිම දෙයක් අපි දකින්නේ නැහැ.
උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් පරාජය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.