ඉන්ධන මිල වැඩිකිරිම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (19දා) හා හෙට (20ද) විවාදයට ගැනීමට නියමිතව තිබේ.
ඉන් අනතුරුව ඒ වෙනුවෙන් ඡන්ද විමසීම හෙට (20දා) පස්වරුවේදී සිදුකිරීමට නියමිතව තිබේ.
මේ අතර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩුවේ සියලුම මැති ඇමතිවරුන් කොළඹ රැඳි සිටිය යුතු බවට සඳහන් කර තිබේ.
ඒ අනුව අද දිනයේදී හා හෙට දිනයේදී සියලුම මන්ත්‍රීවරුන් කොළඹ රැඳී සිටිමින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීම සඳහා උපරිම දායකත්වයක් ලබාදිය යුතු බවට සඳහන් කර තිබේ.