රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 18 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්රාත් රංග දිසානායක මහතා නියෝග කර තිබේ.
මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින උදයංග වීරතුංග මහතා අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර තිබේ.