උදයංග විරතුංග යළි රක්ෂිත බන්ධනාගාරයට
- 17 02 2020
- 16:32
- {{hitsCtrl.values.hits}} views
- ..
ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ ආන්දෝලනාත්මක ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාව යළිත් මෙම මස 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඔහුට අදාළ නීතික්රියාදාමයන් අද (17) පස්වරු 2.30ට කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදි කොටුව මහේස්ත්රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත.
ගුවන් හමුදාවට මිග් යානා මිලඳී ගැනීමේදී සිදුවූ ආන්දොලනාත්මක ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පසුගිය සිකුරාදා අලුයම කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
