රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ්රී ලංකාවට පැමිණෙමින් සිටියදී අද (14දා) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
ඔහු අද අලුයම 4.37 ට මස්කට් සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .