රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
අද පෙරවරු 09.30 ට පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
යුද මෙහෙයුම් සඳහා මිග් ප්‍රහාරක යානා 04ක් ඇතුළු තවත් යානා මිලදී ගැනීමේ දී වංචාවක් සිදුකල බවට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පසුගිය රජය පැවති සමයේ සිදුකළ විමර්ශනයකට අදාළව උදයංග වීරතුංග මහතා සැකකරුවෙකු ලෙස මෙලෙස නම් කර තිබේ.
පසුගිය 14 වනදා අලුයම උදයංග වීරතුංග මහතා මෙලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.