මිග්යානා ගනුදෙනු සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මාර්තු 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් රංග දිසානායක මහතා අද (26දා) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ ඊයේ කැඳවූ අවස්ථාවේදී මහේස්ත්රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
එහිදී උදයංග වීරතුංග මහතා වෙනුවෙන් සිදුකළ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කිරීමටද මහේස්ත්රාත්වරයා තීරණය කළේය.
මිග්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පසුගිය 14 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබිණි.