කොරෝණා අවධානම හේතුවෙන් දීර්ඝ නිවාඩුවක් ලබා තිබූ උතුරේ පාසල් අද (10) සිට සියල්ලක්ම සාමාන්‍ය පරිදි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පැවත්වීමට උතුරේ අධ්‍යාපන බලධාරීන් පියවර ගනු ලැබීය.
මේ අනුව 5,10,11,12 හා 13 ශ්‍රේණිවලට පමණක් සතියේ දින පහ තුළ පාසල් විවෘතව පවතින අතර අනෙක් ශ්‍රේණි සඳහා අදියර වශයෙන් අධ්‍ය යන කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇත.
සමස්ත ශිෂ්යක සංඛ්‍යාව 200ට අඩු පාසල් සාමාන්‍ය පරිදි දින 05 තුළම පැවැත්වීමට නියමිත අතර ශිෂ්‍යා සංඛ්යාිව 200ට වැඩි පාසල් සඳහා එක් එක් ශ්රේතණිවලට අධ්යෂයන කටයුතු සිදුකිරිමට නියමිත දින නම් කර තිබේ.
එමෙන්ම පාසල් වෙතට පැමිණෙන පාසල් දරුදැරියන් පූර්ණ සෞඛ්යන ආරක්ෂිත පියවර අනුගමනය කරමින් පාසල් වෙතට පැමිණ අධ්යාිපන කටයුතු වල නිරත වීමටද පියවර ගෙන ඇති අතර පාසල් වෙතට පැමිණෙන සිසු දරුවන් වෙනුවෙන් නිර්දේශිත සෞඛ්යත ආරක්ෂිත පියවරයන්ට අනුව අධ්යාදපනය ලබාදීමටද පාසල් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පියවර ගෙන ඇත.
වවුනියාව මධුෂංඛ අමරසිංහ
