උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඊයේ (13දා) පොලොන්නරුව දිස්ත්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුවේ දී අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කෙරෙන අන්දමේ මුඛ ආවරණයක් පැළද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානින් හමුවේ හැසිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.
රාජ්‍ය ආයතන ප්‍රධානින් ගේ සහභාගීත්වයෙන් කැඳවා තිබූ මෙම පොලොන්නරුව දිස්ත්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුව පොලොන්නරුව දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරි පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස 2.00 ට පමණ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී ආරම්භ විය.
මෙම කමිටු රැස්වීමේ ප්‍රධානීන් ලෙස ක්‍රියා කළ උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා සිය පුතාගේ දේශපාලන ප්රචාරක ව්‍යාපෘතියක් ලෙස ඔහුගේ නම හා අංකයද පක්ෂයේ ලාංඡනය දඇතුළත් මුව ආවරණයක් පැළඳමින් රැස්වීම අවසන් වන තුරුම රැදී සිටීම විශේෂත්වයකි.
මේ පිළිබදව අප කළ විමසුමක දී පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මෙය මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වන බවත් පක්ෂයක ලාංඡනයක් හෝ පුද්ගලයෙකුගේ අංක ඇතුළත් කර හෝ මුව ආවරණ පැළද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් ඉදිරියේ මෙසේ හැසිරීම රාජ්‍ය නිලධාරියාට අනියමින් බලපෑමක් කිරීමක් වන බවයි.
මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ද මෙය මැතිවරණ නීති දැන දැනම උල්ලංඝනය කිරීමක් බැව් තහවුරු කළේය.
