උතුරු නැගෙනහිර සහ වතුකරයේ පාසල්වල භෞතික හා යටිතල පහසුකම් සංවර්ධනයට මූල්‍යාධාර ලබාදීමට ඉන්දීය රජය සහාය පළ කර තිබේ.
අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බෑග්ලේ මහතා ඇතුළු නියෝජිත පිරිසක් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවක දී මෙම එකඟතාව පළ කළේය.
අනාදිමත් කාලයක පටන් පවත්නා ඉන්දියානු-ශ්‍රී ලංකා දෙරට අතර මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස, පාසල් පද්ධතිය සංවර්ධනය වෙනුවෙන් මෙම මූල්‍යාධාර ලබා දීමට එකඟතාව පළ කර ඇත.
උතුරු නැගෙනහිර සහ වතුකරයේ පාසල්වලට මෙන්ම සංවර්ධන අවශ්‍යතා සහිත දිවයිනේ සෙසු පාසල් නඟාසිටුවීම වෙනුවෙන් ද සහාය වන ලෙස එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි අතර, ඒ අනුව ඉදිරියේ දී සෙසු පාසල්වල සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් ද ඉන්දීය රජයේ සහයෝගය ලබා දෙන බව මහකොමසාරිස්වරයා සඳහන් කළේය.
