උත්සව සමයට අදාළව ආරම්භ කළ පොලිස් රථවාහන මෙහෙයුම් අඛණ්ඩව ජනවාරි 05දා තෙක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
මෙම මෙහෙයුමට පොලිස් නිලධාරීන් 9000ක් යොදවා තිබේ.
ඊයේ උදෑසන 5.00 සිට අද උදෑසන 5 දක්වා රිය අනතුරු 60ක් සිදුව ඇති බවත් එයින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසී්‍ය.
මෙම මෙහෙයුමට අදාළව බීමත්ව රිය පැදවූ පුද්ගලයන් 113ක් හා ඔවුන් පැදවූ වාහන 113ක් අත්අඩංගුවට ගත් බවත් මේ අතරින් වැඩිම ප්‍රමාණයක් යතුරු පැදි බවත් එම සංඛ්‍යාව 73ක් බවත් ඔහු සඳහන් කළේය.
ලබාගෙන ඇති මුළු රථවාහන වැරදි නඩු ගණන 1845කි.
“මෙම මෙහෙයුමේ බලාපොරොත්තුව ජනතාව දඩ අය කිරීම හෝ අත්අඩංගුවට ගැනීම නොවෙයි. මෙමෙ මෙහෙයුම් සිදුකරන්නේ මාර්ග ආරක්ෂාව සුරක්ෂිත කිරීමටයි. කිසිම අවස්ථාවක වේගයෙන් හෝ බීමත්ව රිය පදවන්න එපා.
බීමත්ව රිය පදවන පුද්ගලයන්ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට හෝ ජීවිත කාලයටම අත්හිටුවීමට අවශ්‍ය ඉල්ලීම් අධිකරණයෙන් සිදුකරනවා.” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.