හින්දු බැතිමතුන්ගේ විශේෂම දිනය වූ දීපාවලි සැමරුම මෙවරද උතුරේ හින්දු බැතිමතුන් විසින් හිරු දෙවියන් වෙනුවෙන් සිදු කෙරන පූජාව ඇතුලු ආගමික වතාවත් අද (14) දින සිදු කරනු අයුරු දක්නට ලැබීය.
පවතින කොරෝණා අවදානම හමුවේ උතුරේ හින්දු පූජක සංගමයන් විසින් කොවිල්හි උත්සවාකාරයෙන් දේවමෙහෙයන් නොපැවැත්වීමට පියවර ගෙන තිබූ අතර ජනතාවද ඉතා අඩු ප්‍රමාණයක් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගී වීම දක්නට ලැබුණි.
හිරු දෙවියන්ට පහන් දැල්වීම නොහොත් අඳුර මකා ආලේකය ලැබීම,නරක පරදා හොඳ ජයග්‍රහනය කිරීම මෙන්ම සුර අසුර යුද්දයේදී අසුරයින් පරදා සුරයින් ජයග්‍රහණය කිරීම යනාදිය අදට යෙදී ඇති දීපාවලිය සැමරීම හින්දු බැතිමතුන් විසින් සිදු කරති.
මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් වර්ෂාව ලැබී ගොවිතැන් කටයුතු සාර්ථක වේවායි යන්නද හින්දු බැතිමතුන් විසින් දිපාවලි දිනයේදී හිරු දෙවියන්ට පුද පූජා පවත්වමින් ආගමික වතාවත් සිදු කරනු ලැබීය.