සංඛ්‍යාලේඛන අනුව බලනවිට උතුරු නැගෙනහිර පළාතේ කියන තරම් පුරාවිද්‍යා ස්ථාන විනාශවීමක් දක්නට නොලැබෙන බවත් වැඩිම පුරාවිද්‍යා ස්ථාන විනාශවීමක් සිදුවි ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
ත්‍රිකුණාමලය, පුල්මුඩේ පිහිටි අරිසිමලේ ආරණ්‍ය සේනාසන සංචිතයට අයත් ඉඩම් ගැටලුව හා සන්තානම් මඩු පුරාවිද්‍යා භුමියේ නටබුන්වලට හානිවන අයුරින් කුඹුරු කිරීම පිළිබඳ සොයා බැලීමට ඊයේ (17දා) එම ප්‍රදේශවල නිරීක්ෂන චාරිකාවකින් අනතුරුව පැවති හමුවකදී අමාත්‍යාවරයා මේ බව පවසා සිටියේය.
ලෝක උරුමයක් බවට පත් කිරීමට යෝජිත බුදුරදුන්ගේ කේශ ධාතු නිධන්ගත තපස්සු භල්ලුක වෙළෙඳ සොහොයුරන් ඉදිකළා යැයි කියන ගිරිහඩු සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමටද මෙම නිරීක්ෂණ චාරිකාව අතරතුර අමාත්‍යවරයා එක්විය.
"වැඩිම පුරාවිද්‍යා ස්ථාන හානිය අනුරාධපුරයෙන් වාර්තා වෙන කොට දෙවැනි තැන වෙන්නේ කුරුණෑගලටයි. තුන්වැනි තැනට මහනුවර පත්වෙලා. උතුරු - නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන හානි වෙලා කියන්නේ දකුණේ සහ උතුරේ ඉන්න දේශපාලකයන් පමණයි. මේ අය ඉදිරි මැතිවරණ බලාගෙන මෙවැනි ප්‍රකාශ සිදු කරනවා.
දැනට තෝරාගත් පුරාවිද්‍යා ස්ථාන කිහිපයක් යුනෙස්කෝ සංවිධානය හරහා ලෝක උරුම බවට පත් කරන්න සූදානම් කරලා තියෙනවා. පුල්මුඩේ, අරිසිමලේ ඉඩම් ටික මාස දෙකක් වගේ කාලයක් තුළ මැනලා මායිම් දාලා වෙන් කරලා ඒ පුදබිමට ලබාදෙන්නත් දැනට පදිංචිවෙලා ඉන්න අයට අසාධාරණයක් ඇති නොවන අයුරින් ඒ කටයුතු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා" යැයි ද පවසා සිටියේය.
ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලී අමරජීව