රට තුළ පවතින අයහපත් වාතාවරණය පිළිබඳ සැළකිල්ලට ගනිමින් උතුරු පළාත් සභාවට අයත් සියළුම පළාත් රාජ්ය ආයතන වෙතට අද (22දා) දිනයේදී නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙස් රාඝවන් මහතා නිවේදනයක් මගින් දැනුම් දී ඇත.
උතුරු පලාත් රජ්ය ආයතනයන්හි සේවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම අද උදෑසන දක්වා ඇඳිරි නීතිය පැවතීම නිසාවෙන් ප්රවාහන කටයුතු ඇණ හිටීම නිසා ගමනා ගමනයේදී සිදුවන බාධාවන් සැලකිල්ලට ගනිමින් අද දිනයේදී නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බව උතුරු ආණ්ඩුකාරවරයා නිවේදනය කොට ඇත.
අද දිනයේදී උතුරේ රාජ්ය ආයතන වෙතට නිවාඩු ලබා දුන්නද අද දිනය වෙනුවෙන් වෙනත් දිනයක සේවා දිනයක් වශයෙන් දැනුම් දෙනු බවටද උතුරු ආණ්ඩුකාරවරයා වැඩි දුරටත් දැනුම් දී ඇත.