මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් උතුරේ පිහිටි වැව් 719 ම පිරී පවතින බවත් ඇතැම් කුඩා වැව් රැසක් වාන් දමන බවටත් උතුරු පළාත් වාරිමාර්ග නියෝජ්‍ය අධ්යක්ෂ කාර්යාලය විසින් පෙන්වා දෙයි.
පසුගිය වසර කිහිපය පුරාවට උතුරේ මහකන්නයට කුඹුරු ගොවිතැන් රැසක් අතහැර දැමීමට සිදුවූවේ වැව්වල ප්‍රමාණවත් ජලයක් නොමැති වීමත් කලට වර්ෂාව නොමැති වීමත් හේතුවෙනි.
මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු උතුරු පළාතේ ආරම්භ වී ඇති අතර උතුරේ පිහිටි සෑම වැවක්ම වාන් මට්ටමේ පැවතීම හේතුවෙන් මහකන්නගේ ගොවිතුන් සඳහා අවශ්‍ය ජලය ලැබෙනු ඇති බවට උතුරේ ගොවීන් බලාපොරොත්තුවෙන් සිටිති.
වවුනියාව-මධුශංඛ අමරසිංහ