උතුරු පළාතේ ඉදිරියේදී සමරනු ලබන මහවිරු සැමරුම් සියල්ලක්ම නිරීක්ෂණය සඳහා ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන ඇත.
මේ අනුව මහවිරු සැමරුම් සැමරීමේදී නීතිවිරෝධී අයුරින් ත්රස්ත සංවිධානයක් හෝ ත්රස්ත සංවිධානයක සාමාජිකයෙකු දර්ශනය කරමින් සිහිපත් කොට සමරනු ලබන්නේනම් එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තීතිමය පියවර ගැනීමට පියවර ගෙන ඇත.
එමෙන්ම මහවිරු සැමරුම් සැමරෙන සුසාන භූමි මේ දින විවිධ දේශපාලනඥයින් හා සංවිධාන මගින් සුද්ධ පවිත්ර සිදු කිරීමේ කටයුතු වල නිරත වන අතරම එම පිරිස් වලින් නිරෝධායන නීතියට අනුව ප්රකාශ ලබා ගැනීමටද උතුරේ ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.
මේ අතර මුලතිව් වන්නිවිලාන්කුලම් මහවිරු සුසාන භූමිය සුද්ධ පවිත්ර කිරීමට පැමිණි දෙමළ ජාතික ජනතා පෙරමුණේ සාමාජිකයින්ගෙන් ඇතුලු පිරිසගෙන් ප්රකාශ ලබාගැනීමටද යුද හමුදාව හා පොලීසිය විසින් පියවර ගනු ලැබීය.