උතුරු මුහුදේ යාපනය පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු සහ ධීවර යාත්‍රා 03 ක් ඊයේ (04) රාත්‍රියේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල්ව ඇති අදාළ ඉන්දීය ධීවරයින් පිරිස මසුන් අල්ලමින් සිට ඇති අතර එහිදී උතුරු නාවික විධානයට අයත් නාවිකයින් විසින් ඉන්දීය ධීවරයින් පැමිණි යාත්‍රාද සමගින් එම පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස යාපනය නාවික නෞකා උත්තර ආයතනය වෙතට රැගෙන ඒමෙන් පසුව වෛද්‍ය පරික්ෂණයක් සිදු කොට එම ධීවරයින් පිරිස ඉදිරි පරික්ෂණ කටයුතු වෙනුවෙන් යාපනය සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.