යාපනය, කච්චතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී ආපදාවට ලක්ව මුහුදේ පාවෙමින් තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක් හා එහි සිටි ධීවරයින් හතර දෙනෙකු ඊයේ (01) දින නාවික හමුදාව විසින් බේරා ගනු ලැබීය.
උතුරු නාවික විධානය විසින් අදාළ මුහුදු තීරයේ සෝදිසි පරික්ෂා මුර සංචාරයක නිරත වූ අවස්ථාවේදී මුහුදේ පාවෙමින් තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ක්ෂණිකව ක්‍රියාත්මක වී ඔවුනට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදී ඇත.
මුහුදේ ඇතිවූ රළු ස්වභාවය හේතුවෙන් ඉන්දීය ධීවරයින්ගේ ධීවර යාත්‍රාවේ කාර්මික දෝෂයක් ඇතිව ගමන් කිරීමට නොහැකිව කච්චතිව් දූපත දෙසට පාවෙමින් සිට ඇති මෙම ධීවරයින් පිරිස නාවික හමුදාව බේරාගෙන ඇත.
මෙලෙස ආපදාවට පත් ට්‍රෝලර් යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයින් හතරදෙනා වයස අවුරුදු 37 ත් 60 ත් අතර වියෙහි පසුවන ඉන්දීයානුවන් වන අතර, ඔවුන් ඉදිරි කටයුතු සඳහා ඉන්දීයානු යාපනය, ධිවර පරික්ෂක කාර්යාලය වෙතට වෙත භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.