උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව අද (24දා) සිට තමිල් මක්කල් කූට්ටන් නොහොත් දෙමළ ජනතා සන්ධානය නමින් වූ පක්ෂයක් ඔස්සේ ඉදිරියේදී දේශපාලනයට පිවිසෙන බවට කියා සිටියේය.
ප්‍රධාන අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ අද (24දා) යාපනය නල්ලූර් නඩරාජා පරමේශ්වරී ශාලාවේදී පැවති දෙමළ ජානතා සභාවේදී ප්‍රධාන දේශනය සිදු කරමින් ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉදිරි දේශපාලන ගමන් මග ප්‍රකාශ කරිමින්ය.
උතුරු පළාත් සභාවේ නිල කාලයද අද (24දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීම හේතුවෙන් ප්‍රධාන දෙමළ ජනතා සභාව රැස් වූ අතර එහිදී ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් විශේෂ දේශනයක් සිදු කරනු ලැබීය.
“ජනතාවට වෙච්ච පොරොන්දු දෙමළ ජාතික සන්ධානයට ඉටු කරන්න බැරිවෙලා තියෙනවා. ඡන්දයට කලින් බොහෝ පොරොන්දු ජනතාවට ලබා දුන්නා නමුත් අද වන විට ඒවා බොරුවක් වෙලා. අවසන් පළාත් සභාව මගිනුත් මට ජනතාවට සේවයක් කරන්න දෙමළ ජාතික සන්ධානයේ බලවතුන් ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා මම දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වෙනවා.
ඉවත්වී ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබාගත හැකි ක්‍රමයක් සොයනවා. ඊට හොඳම විසඳුම තමයි දේශපාලනයෙන්ම විසඳුම් ලබා දීම ඒ සඳහා නව පක්ෂයකින් ඉදිරියට දේශපාලනය ආරම්භ කරනවා.”