උතුරු ප්‍රදේශයේ කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන 4 ක් ඉදිකිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මේ වන විට පියවර ගෙන තිබේ.
පළමුව වන්නි ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදිකොට ඇති අතර එහි මේ වන විටත් පුද්ගලයින් 206 දෙනෙකු නිරෝධායන කටයුතු වල නිරත වන අතරම ඊට අමතරව කිලිනොච්චිය පලෙයි හා ඉරණමඩු ප්‍රදේශයේත් මෙන්ම මුලතිව් දිස්ත්‍රීක්කයේ මෙසේ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගෙන ඇත.
ගුවන් හමුදාවේ වෛද්‍ය වෘත්තිකයින් විසින් මෙම මධ්‍යස්ථාන කළමනාකරණය කරන අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ සහාය ද ඊට ලබා ගැනෙයි.
කොරෝනා වයිරසය මෙරට පැතිරීම වැළැක්වීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ගවලට සහාය වීමක් වශයෙන් නාවික හමුදාව මෙම මධ්‍යස්ථාන ඉදිකිරීමට පියවර ගෙන ඇත.