උතුරු හා නැගෙනහිර පළාත්වල කඩිනම් ආර්ථික හා සමාජ සවිබල ගැන්විම් හා යටිතල පහසුකම් සංවර්ධන කිරිමේ ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 2ක් මුදලක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.
කෘෂිකාර්මික, කාර්මික, ධීවර හා සේවා අංශ පිළිබඳය අවධානය යොමුකරමින් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ක්ෂේත්‍ර 4 ක් යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව රනල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.