උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම දෙසැම්බර් 31 ට පෙර අවසන් කිරීමට මැදිහත්වන ලෙස ජනපති එම ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දුන් බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම උපදෙස් දී ඇත්තේ 2018 වර්ෂයේ පළාත් සභාවල කාර්ය භාරය සහ ප්‍රගතිය පිළිබඳ අද (22දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
සියලු ම පළාත් ආණ්ඩුකාරවරු, පළාත් ප්‍රධාන අමාත්‍යවරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව තිබේ.
පළාත් සභාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය, පුරප්පාඩු පිරවීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.
ජනාධිපතිතුමා මෙහිදී පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ට උපදෙස් දී ඇත්තේ ග්‍රාමීය ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් කි‍්‍රයාත්මක කර ඇති වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා තම පූර්ණ දායකත්වය ලබා දෙන ලෙසයි.