උතුරු දුම්රියේ මාර්ගයේ ධාවනය සඳහා S13 වායුසමනය කළ ඩීසල් බහු ඒකක කට්ටල 02ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර ආරම්භ කළ නව නගරාන්තර දුම්රිය සේවය සඳහා ඇති අධික ඉල්ලුම හා මහජනතාවගේ ආකර්ශනය සළකා අඩි 65 ප්‍රමාණයේ වායු සමනය කළ මැදිරි සහිතව නව දුම්රිය S 13 ඩීසල් බහු ඒකක ප්‍රසම්පාදනය කිරිමට මිට පෙර ගිවිසුමකට එළැඹ තිබේ.
එම ගිවිසුමට අතිරේකව උතුරු දුම්රිය මාර්ගයේ සේවයේ යෙදවීම සඳහා වායුසමනය කළ S 13 බලවේග කට්ටල දෙකක් ඉන්දියාවේ M/s Rites Ltd වෙතින් ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
එසේම උඩරට මාර්ගයේ සේවයේ යෙදවීම සඳහා මීට පෙර ආනයනය කර තිබූ අඩි 50 ප්‍රමාණයේ මැදිරි වලින් යුත් වායුසමනය කළ ඩීසල් බලවේග කට්ටලයක් උතුරු දුම්රිය මාර්ගයේ සේවය සඳහා යොදවා තිබූ අතර එම බලවේග කට්ටලය යළි උඩරට මාර්ගයේ සේවයේ යෙදවීමටත් නියමිතය.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කර තිබූ අතර එයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.