නැදුන්කර්නි ගම්මානයේ ඉන්දියානු පවුල් 250 ක් පදිංචි කර ඇති බවට නැඟෙන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු පළාත් සභාවේ දේශපාලන බලධාරීන් මෙසේ ඉන්දීය ජනතාව පදිංචි කර ඇති බවට ඇතැම් මාධ්‍ය හරහා තොරතුරු වාර්තා විය. රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ
මෙරට කිසිඳු ප්‍රදේශයක විදේශිකයින් හෝ විදේශීය පවුල් පදිංචි කර නොමැති බවයි. ගැටුම් පැවති සමයේ ඉන්දියාවේ රැකවරණය පතා ගිය ශ්‍රී ලාංකිකයන් 10, 675 ක් 2009 වර්ෂයේදී එම ගැටුම් අවසන් වූ පසු සිය කැමැත්තෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මෙම පුද්ගලයින් සියළු දෙනා ශ්‍රී ලාංකික පුරවැසියන් වන අතර ඔවුන්ගේ ශ්‍රී ලාංකික පුරවැසි භාවය තහවුරු කර ඇති බවත් එම නිවේද්නයේ වැඩිදුරටත් දැක්වෙයි.