උතුරු පළාත් පාසැල් සහ රාජ්ය ආයතනයන්හි ඇති වී තිබූ පුරප්පාඩු සඳහා නව රජයේ රැකියා 292 දෙනෙකු වෙනුවෙන් ලබාදීම අද (27) උදෑසන උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාගවන් මහතාගේ ප්රධානත්වයෙන් යාපනයේදී පැවත්වුණි.
යාපනය වෙමිබඩි මහාවිද්යාලයේදී උපාධිධාරීන් 292 දෙනෙකු වෙනුවෙන් නව පත්වීම් ලබා දුන් අතර එහිදී උපාධිධාරී ගුරුවරුන් 249 දෙනෙකු සඳහාද රජයේ ආයතන වෙනුවෙන් කාර්මික නිලධාරින් 33 දෙනෙකු හා අධීක්ෂණ නිලධාරීන් 10 දෙනෙකුද මෙහිදී ආණ්ඩුකාරතුමන් අතින් පත්වීමි ලැබීය.
එහිදී උපාධිධාරීන් වෙනුවෙන් නව පත්වීම් ලබා දීමේ අවස්ථාවට සහභාගී වූ උතුරු ආණ්ඩුකාරතුමන් කියා සිටියේ,
‘තමන් මෙලෙසින් ලබාගත් පත්වීම තුළ සියලු දෙනාට ජාතිය, ආගම, කුලභේද නොසලකා එක්සිත්ව හා එක්සත්ව සේවය කල යුතු බවත්ය. විශේෂයෙන් දරුවන්ට ශිල්ප සතර ඉගැන්වීමේදී ගුරුවරයා ළමයා තුලින් දාර්ශනිකයෙකු දැකිය යුතු බවද ඒ තුලින් සමජයට වැඩදායි පුද්ගලයින් බිහිවන බවද ඔහු සඳහන් කළේය.